Beauty
අඳුරු බව දුරුකොට පහසුවෙන්ම සුදුවෙන්න විශ්මිත ස්වභාවික ප්‍රතිකාර රැසක්.
සමේ ඇති අඳුරු බව දුරුකරගෙන සම ආලෝකමත් කරගැනීමට සැවොම තුල ඇත්තේ අධික ආශාවකි. එම නිසාම රූපලාවන්‍ය නිෂ්පාදන ලක්ෂ ගණනක් වෙළඳපොලට පැමිණ තිඛෙනවා. ප්‍රතිශතයක් ලෙස බැලුවොත් කාන්තාවන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් සම සුදු කරගැනීමට වෙහෙසෙන බව නම් නොරහසකි.
වානිජමය අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා වෙළඳපොළට හඳුන්වාදී තිඛෙන අහිතකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නිෂ්පාදන භාවිතයේදී ඔබ ඉතාමත්ම ප්‍රවේසම් විය යුතුයි. මොකද එවැනි නිෂ්පාදනය භාවිතා කිරීමෙන් ඔබේ සමට සහ සෞඛ්‍යයට පිරිමැසිය නොහැකි බරපතල හානි සිදුවීමට ඉඩ තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එම අහිතකර රසායනික ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළහැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම රැසක් පිළිබඳවයි. පහසුවෙන්ම සකසාගත හැකි මෙම ප්‍රතිකාර භාවිතා කිරීමෙන් ඔබේ සම ආලෝකමත් වෙනවා විනා වෙනත් කිසිඳු අහිතකර ප්‍රතිපලයක් නම් අත්වෙන්නේ නැහැ.
1. වියලි දොඩම් ලෙලි සහ යෝගට්
සම ආලෝකමත් කරගැනීම සඳහා අපි ඔබ වෙත ගෙනෙන පළමු ස්වභාවික ප්‍රතිකාරය මෙයයි.
මෙම ප්‍රතිකාරය සඳහා අවශ්‍ය කරන වියලි දොඩම් ලෙලි ඔබට නිවසේදීම සකසාගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ, තෙත් ගතිය ඉවත් වී යනකන්ම සුර්ය රශ්මිය යටතේ දොඩම් ලෙලි වියලාගැනීම පමණයි.
සකසාගන්නා ආකාරය
පිටි බවට පත්වෙන තුරු දොඩම් ලෙලි හොඳින් අඹරාගන්න. පසුව දොඩම් ලෙලි පව්ඩර් මේස හැන්දකට යෝගට් මේස හැන්දක්ද එකතු කොට හොඳින් මිශ්‍රකරගන්න.
එලෙස සකසාගත් මිශ්‍රණය මුහුණේ ආලේපකොට මිනිත්තු 15ක් හෝ 20ක් තිඛෙන්නට හැර පසුව සෝදා හරින්න.
ප්රතිලාභල ඉැ්මඑහ ිැජරුඑි
ඔබේ සම මත ඇති කළු ලප සහ අඳුරු ගතිය දුරුකරමින් සම ආලෝකමත් කිරීමේ සුවිශේෂී හැකියාවක් මෙම ප්‍රතිකාරයට තිඛෙනවා.
බ්ලැක්හෙඩ්ස් ඉවත් කරගැනීම සඳහාත් මෙම ප්‍රතිකාරය ඉතාමත්ම ඵලදායක බව පැවසෙනවා. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ ආසාදිත ස්ථානය මත මෙම මිශ්‍රණය තවරා රවුමට සම්භාහනය කිරීම පමණයි.
2. කිරි, ලෙමන් යුෂ සහ මීපැණි
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කිරි
ලෙමන් යුෂ
මීපැණි
සකසාගන්නා ආකාරය
නැවුම් කිරි හෝ කිරිපිටි, ලෙමන් සහ මීපැණි වලින් තේ හැන්ද බැගින් ගෙන හොඳින් කලවම් කරගන්න.
මුහුණ පිරිසිඳු කරගෙන මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 15ක් හෝ 20ක් තිඛෙන්නට හැර පසුව සෝදා හරින්න.
3. අර්තාපල් ෆෙශල් මාස්ක් එක
අවශ්‍ය කරන ද්‍රව්‍ය
අර්තාපල් පෙත්තක්
අර්තාපල් පල්ප හෝ යුෂ
භාවිතා කරන ආකාරය
අර්තාපල් පෙත්ත භාවිතා කරමින් මාස් එකක් සේ දිස්වෙන ලෙස මුහුණ පුරාම අර්තාපල් යුෂ හෝ පල්ප තවරා ගන්න.
මිනිත්තු 15ක් හෝ 20ක් ගිය පසුව එය සෝදා හරින්න.
4. සම සුදු කරගැනීම සඳහා තක්කාලි යුෂ ෆෙශල් මාස්ක් එක
අවශ්‍ය කරන ද්‍රව්‍ය
තක්කාලි යුෂ
භාවිතා කරන ආකාරය
පුළුන් බෝලයක් වැනි යමක් භාවිතා කරමින් මුහුණ පුරා තක්කාලි යුෂ තවරා ගන්න.
එම මිශ්‍රණය වියලී යන තුරුම තිඛෙන්නට ඉඩහරින්න.
පසුව සෝදා හරින්න.
5. සම සුදු කරගැනීම සඳහා වූ කහ ෆෙශල් මාස්ක් එක
සම සුදු කරගැනීම සඳහා භාවිතා කළහැකි පැරණිතම සහ විශ්වාසවන්තම ප්‍රතිකාරය මෙයයි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදී, විවාහ උත්සව වලදී පවා මෙම ප්‍රතිකාරය චාරිත්‍රයක් ලෙස භාවිතා වෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කහ
කඩල පිටි
සඳුන්
අමු කිරි
මෙහිදී අප භාවිතා කරන සියලුම අමුද්‍රව්‍ය වලට සම දීප්තිමත් කිරීමේ සුවිශේෂී හැකියාවක් තිඛෙනවා. තම රූපසම්පත්තිය නිසා අතිමහත් ප්‍රසිද්ධියක් ලැබූ ක්ලියෝපැට්රා රැජින පවා අමුකිරි සහ රෝස පෙති ජලයේ ස්නානය කල බව වාර්තා වෙනවා.
සකසා ගන්නා ආකාරය සහ භාවිතා කරනා ආකාරය
කහ සහ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන කලවම් කරන්න.
දැන් අමුකිරි ස්වල්පයක් එකතුකොට ආලේපනය සකසා ගන්න.
පසුව එම මිශ්‍රණයට සඳුන් කුඩු මේස හැඳි දෙකක්ද එකතු කරගත යුතුයි.
දැන් එම මිශ්‍රණය මුහුණේ ආලේපකරන්න. එය සම්පූර්ණයෙන්ම වියලෙන්නට ඉඩ දෙන්න එපා. වියලි බවක් දැනෙන විට කිරි හෝ වතුර ස්වල්පයක් භාවිතා කරමින් එය යලි තෙමාගන්න.
මෙය මිනිත්තු 20ක් පමණ මෙලෙස තිඛෙන්නට ඉඩ හැර පසුව ජලයෙන් සෝදා හරින්න.
අඳුරු සම දුරුකොට සම ආලෝකමත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර 5ක් පිළිබඳව මෙම ලිපියෙන් ඔබ දැනගන්නට ඇති. එම ප්‍රතිකාර අතරින් ඔබ කැමති එකක් තෝරාගෙන දිගටම සිදුකිරීමෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ඔබට ලබාගන්නට පුළුවන් වේවි.
arumalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)